Author Archives: path.nirvana@gmail.com

නිවනට මග – අලුත් පොත

2016 වසරේ නොවැම්බර් මස ඔස්ට්‍රේලියාවේ පැවැත්වූ දින 7 ක භාවනා වැඩසටහනක් ඇසුරෙන් සකස් කරන ලද මේ ඉතා වැදගත් ධර්ම පුස්තකය ඔබත් අනිවාර්යයෙන්ම කියවන්න. පිටු 260 කි

අන්තර්ජාල සංස්කරණය (pdf) මෙතනින් ලබාගන්න

ධර්ම දානය පිණිස බෙදා හරින්න

2017-06-03 දින පානදුර සිදුකල දේශනා පටිගත කිරීම්

අති පුජ්‍ය පිටිගල ගුණරතන හිමියන් විසින් 2017.06.03 වන දින
පානදුර නගර ශාලාවේදී පවත්වන්නට යෙදුනු ධර්ම දේශනාව සහ ධර්ම සාකච්චාවට අදාළ mp3 පිටපත පහත link එක ඔස්සේ ඔබ තුමන් වෙතට ලබා දෙන්නෙමු ..
මෙම වෙබ් අඩවිය හරහා (http://gunarathana.org/)  එම දේශනා ශ්‍රවණය කරන පින්වතුවන් වෙනුවෙන් එම දේශනා මෙම වෙබ් අඩවියට එක් කිරීමට කටයුතු කරන මෙන් මෙත් සිතින් යුතුව ඉල්ලා සිටිමු  .. ඔබ තුමන් ඇතුළු පිංවත් සියලු දෙනාට මේ ජීවිතයේදීම මෙම ගොර කටුක සසරෙන් අතමිදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මවබෝධය පිණිසම මෙම පින හේතු වේවා වාසනා වේවා …
මෙම ධර්ම දානමය පින මෙම පිංකම සංවිධානය කළ  පානදුරේ සාගරිකා තිරිමාන්න පිංවත් මෑණියන්ට අත් වේවා ….
සාධු !!!! සාධු !!!! සාධු!!!!
තෙරුවන් සරණයි …..
මෙයට
තිලාන් අබේසුරිය …

ලොව්තුරු සැප ලැබෙන මගයි – අලුත් පොත

පිටිගල ගුණරතන හිමියන්ගේ වැදගත් දේශනාවක් ඇසුරෙන් රචිත මේ පොත සහ එහි ඉංගිරිසි පරිවර්තනයේ අන්තර්ජාල සංස්කරණ (pdf) අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබා ගන්න. මේ ධර්ම දානයට සම්බන්ධ වූ සියලු පින්වතුන්ට මේ පින අයත්වේ.

විහාරස්ථානයක ඉදිකිරීම් සඳහා දායක වීමට අවස්ථාවක්

(එංගලන්තයේ ප්‍රියන්ත මහතා විසින් එවූ පණිවිඩයක්)

අති පූජණීය පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේ කලක් භාවනානුයෝගීව වැඩ සිටි ස්ථානයක් වන, කැකිරාවේ සිට 5 km පමණ දුරකින් වනගතව පිහිටි ශාන්ති ලෙන නම් වු ගල්කුටි 3 කින් සමන්විත කුඩා ප්‍රමාණයේ විහාරස්ථානයක සිදුකෙරෙමින් පවතින ඉදිකිරීම් කටයුතු සදහා පින්වත් ඔබ වෙත අවස්ථාවක් උදා වී තිබේ. දැනට මෙම ස්ථානයේ එක් භික්ෂුන් වහන්සේ නමක් පමණක් භාවනානුයෝගීව වැඩ සිටිනු ලැබේ.
මෙම කුඩා විහාරස්ථානය ඉතා දුෂ්කර වනගත ගල් ලෙන් 3 කින් සමන්විත ස්ථානයකි. එදිනෙදා අවශ්‍ය වන ප්‍රාථමික පහසුකම් (ජලය, විදුලිය, වැසිකිලි පහසුකම්) වුවද මෙම විහාස්ථානයේ ඉතා දුෂ්කර සහිතය. මෙම ස්ථානයෙහි පැවතුන විදුලි අඩුපාඩුව සදහා පින්වත් මහතෙකු විසින් විදුලි උත්පාදක ජෙනරේටරයක් වෙසක් දින අතිපූජණීය පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් පූජා කරන ලදී. එතුලින් විදුලු පහසුකම් සැපයුනද, වැඩකටයුතු නිමකළ නළ ළිදෙන් ජලය ලබා ගැනීම පිණිස එම විදුලි ශක්තිය ප්‍රමාණවත් නොවේ.

මෙම ගල්කුටි සහිත කුඩා විහාරස්ථානය පහසුකම් සියල්ලෙන් අති දුෂ්කර වන බැවින්, හැකි පමණින් පින්වත් සැමගේ උපකාර මැද යම් කිසි උසස් තත්වයකට පත්කිරීමට හැකිබව මාගේ (ප්‍රියන්ත) ඒකායන විශ්වාසයයි. පහසුකම් සම්පූර්ණ වූ කල මෙම ගල් ලෙන් තුල භික්ෂුන් වහන්සේලා 10 නමකට පමණ වැඩ සිටිය හැකි වනුයේය. බුදු මැදුර, ධාතු මන්දිරය පිහිටා තිබෙන්නේ මෙම සිදු කෙරෙමින් පවතින ගල් ලෙන තුලය.

එබැවින් සිදුකෙරෙමින් පවතින මෙම විහාරස්ථානයට පහත දක්වා ඇති ගොඩනැගිලි උපකරණ අවශ්‍ය වේ. හැකි පමණින් ඉදිකිරීම් කටයුතු සදහා දායක විය හැකි වුවද මුදල් පරිත්‍යාග සිදුකිරීමට කැමති පිංවතුන් අති පූජණීය පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේ සමග ඒ පිළිබදව සාකච්චා කල යුතුමය. (මෙම කිසිදු කටයුත්තක් සදහා පෞද්ගලිකව මා (ප්‍රියන්ත) විසින් කිසිදු මුදලක් බාර ගනු නොලැබේ) අනෙකුත් සියලු තොරතුරු සදහා අවශ්‍ය විමසීම් උදෙසා ඕනෑම අවස්ථාවක මා විසින් විමසීම් කරන්න.

මෙම ඉදිකිරීම් කටයුතු සදහා අවශ්‍ය වන සියලු මූලික වියදම රුපියල් 250000 ක් පමණ වේ. (ලක්‍ෂ දෙක හමාරක්) පින්වත් ඔබට හැකි පමණින් මේ සදහා දායකත්වය දැරිය හැකිය.
අවශ්‍ය ද්‍රව්‍ය :
වැලි කියුබ් 3
තීන්ත 20 (ලීටර්)
පීලර් රොබියලෑක් 20 (ලීටර්)
වැලි කඩදාසි
පොලිෂ් (පොලිතින් වාර්නිෂ්)
සීලර් 2 (ලීටර්)
තීන්ත ගෑමට රෝල් බ්‍රෂ්, පින්සල් (විවිධ ප්‍රමාණයෙන්)
කේසර් පොටි (බදාම විශේෂයකි) උර 20 ක් පමණ
ඉදිරිපස ලොකු දොර සැදීම
කබඩ් වල දොරවල් දැමීම
බුදු මැදුරට වීදුරු ප්‍රේම් සැදීම
ටයිල් දැමීම (වර්ග අඩි 210 පමණ)
වයරින් බට / බීඩින් පටි
ඉදිකිරීම් සදහා කම්කරු කුලිය

සියලු විමසීම සදහා :
අති පූජණීය පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේ
0094713476285
==================================================
ප්‍රියන්ත මහතා – එංගලන්තය (priabey@tiscali.it)
00447405980866 Mobile / Viber / WhatsApp
උතුම් පුණ්‍ය කර්මයකට දායක වී ඔබත් දෙලොව සුව සනසීම ලගා කරගන්න.
තෙරුවන් සරණයි

පිටිගල ගුණරතන හිමියන් ගේ දහම් දෙසුමක්

අති පූජණීය පිටිගල ගුණරතන ස්වාමීන් වහන්සේට සෙත් පැතීමේ අරමුණෙන් මහනුවර පදිංචි නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ එම්. ගුණරත්න මහත්මා සහ එස්. ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2017 ජූනි 04 වන ඉරුදින ශතාධික මහසඟරුවන විෂයෙහි පිදෙන සඟසතු දානමය මහා පිංකමකි.

එදින සවස 2.00 සිට 4.00 දක්වා මහනුවර, අස්ගිරිය මහා විහාරීය පිරිවෙන් ශාලාවේ දී (සුමංගල විද්‍යාලය ඉදිරිපිට) පූජනීය පිටිගල ගුණරතන ස්වාමීන් වහන්සේ විසින් සිදුකෙරෙන සුමධුර දහම් දෙසුමකි.

පින් කැමැත්තෝ සහභාගි වෙත්වා!

විමසීම්:

  1. එම්. ගුණරත්න මයා     – 077 7803480
  2. එස්. ගුණරත්න මිය      – 071 8032558
  3. මානෙල් පෙරේරා මිය   – 077 4228736

අලුත් පොතක් සහ එහි ඉංග්‍රීසි පරිවර්තනය

ස්වාමීන්වහන්සේ විසින් 2015-12-12 ලන්ඩන් නුවර පැවැත්වූ දේශනාව පොතක් වශයෙන් නිකුත්ව ඇත. එහි ඉංග්‍රීසි පරිවර්තනයක්ද සිදුකර ඇත. ඒවා පහතින් ලබාගන්න

 

අලුත් දේශනා පටිගත කිරීම්

ස්වාමීන්වහන්සේ විසින් 2016 වසරේ ඔස්ට්‍රේලියාව සිදුකරන ලද දේශනා වල පටිගත කිරීම් වෙබ් අඩවියට එකතු කරන ලදී.

ඒවා මෙතැනින් ලබාගන්න -> https://www.mediafire.com/folder/4uc6462l7s5za/

මේවා ලබාදුන් චාමින්ද මහතාට මේ පින අයත් වේ.

අලුත් ඉංග්‍රීසි පොත

පිටිගල ගුණරතන ස්වාමීන්වහන්සේ විසින් 2016-02-27 දින පවත්වන්නට යෙදුනු දේශනාවේ ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරෙන් සකසන ලද මෙම “Skillful Reflection of Materiality Leads to Nibbana” නමැති පොතෙහි අන්තර්ජාල පරිවර්තනය මෙතැනින් ලබාගන්න. පරිවර්තනය සිදුකර අප වෙත එවූ Doreen Perera මහත්මියට මේ ධර්ම දානමය පින අයත්වේ.

මෙම පොත සිංහලෙන්ද නිකුත්ව ඇත (රූපය පිරිසිඳ දැක නිවන කරා). මුද්‍රිත පිටපත් මානෙල් පෙරේරා මහත්මියගෙන් ලබාගත හැකිය. (077 4228736)