ඓතිහාසික අනුරාධපුර පුද බිමේ උතුම් සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේට නුදුරු විවේකී නිදහස් පරිසරයක ඔබ වෙනුවෙන්ම අභිනවයෙන් ඉදි වෙමින් පවතින “සදහම් සෙවන සමථ විපස්සනා පුහුණු ආයතනය” නේවාසිකව වාසය කරමින් මග දහම අසා ගනිමින්, අප සමගම ප්‍රායෝගිකව උදෑසන 03.30 සිට සවස 10.00 දක්වා අඛණ්ඩ භාවනා පුහුණු වැඩසටහන් වල යෙදෙමින් දුක් පිරි සසර ගමන නිමා කර ගැනීමට, මෙම ගෞතම බුදු සසුනේදීම ඔබ බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා ඔබටද අනගි, දුර්ලභ අවස්ථාවක් දැන් උදා වෙමින් පවතී.
සදහම් සෙවන සමථ විපස්සනා පුහුණු ආයතනය යාවජීව සාමාජිකත්වය දරමින් අවම වශයෙන් වසරකට මාස 3ට නොවැඩි කාලයක් නේවාසිකව රැඳීමේ අවස්ථාව උදාකර ගනිමින්, ඔබටද ඔබ නමින්ම අංග සම්පූර්ණ භාවනා කුටියක් ඉදිකර ගැනීමට ඔබටද දැන් අවස්ථාව උදා වී ඇති බව මෙත් සිත් පෙරටුව පළමු කොට දැනුම් දෙනු කැමැත්තෙමි.
තවද පහත සඳහන් ආකාරයෙන් ඔබටම පෞද්ගලිකවම හෝ පවුලේ ඥාතීන් හෝ හිත මිතුරන් සාමුහික කර ගනිමින්, පහත ඉදිකිරීම් තනිවම තම නමින් හෝ පොදුවේ සිදුකරන සෙසු ඉදිකිරීම් සඳහා ශාසනික පුනර්ජීවය ඉත සිතින් අපේක්ෂා කරන ඔබගේද, ඔබ හිතෛශී නෑදෑ හිත මිතුරන්ගේද මේ සඳහා හැකි උපරිම ආකාරයෙන් දායකත්වයන් සපයා දී හැකි ඉක්මනින්ම ශාසනික කටයුතු ආරම්භ කිරීමට සහාය දක්වන ලෙස මෙත් සිත් පෙරටුව කරුණාවෙන් ඉල්ලා සිටිමි.
ශාසන හිතකාමී,
ගරු පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේ
ඉදිකිරීමට යෝජිත විහාර කර්මාන්ත
- අංග සම්පූර්ණ පැවිදි භාවනා කුටි 10
- අංග සම්පූර්ණ පිරිමි භාවනා කුටි 10
- අංග සම්පූර්ණ කාන්තා භාවනා කුටි 10
- අංග සම්පූර්ණ දාන ශාලාව
- ස්ථීර නේවාසික පැවිදි කුටි 5
- ධාතු මන්දිරය, භාවනා ශාලාව සහ පුස්තකාලය
- ධර්ම චක්‍ර සහ සමාධි මුද්‍රාවෙන් යුත් පිළිම වහන්සේලා දෙනම වැඩ සිටින බුද්ධ මන්දිරය
- චෛත්‍යය රාජයාණන් වහන්සේ (එංගලන්තයේ පදිංචි නාලනී කන්නන්ගර මහත්මිය දායකත්වය ලබා ගෙන ඇත)
- බෝධි ප්‍රාකාරය සහ බෝධි මලුව ඉදිකිරිම
- සක්මන් මලු සහ මලුපෙත් මන්
- වච්ච කුටි (වැසිකිලි – කැසිකිලි)
- මකර තොරණ සහ ඉඩම වටා තාප්පය
දායකත්වයන් සඳහා සියලු විමසීම්: ගරු පිටිගල ගුණරතන හිමි : 0713476285
කල්‍යාණ මිත්රරු සංසදය : ගරු ලේකම් : මානෙල් පෙරේරා මිය
- Tel : 0774228736
- Viber: 00094774228736
- E mail : manelperera31@yahoo.com
ධර්මායතන වැඩබිම් පාලක : අමල් ලියනආරච්චි මහතා
- Tel : 0711479970
- E mail: amalliy@yahoo.com
ගිණුම් අංක :
1) ලංකා බැංකුව : නගර ශාඛාව (චැතම් වීදිය)
ගිණුම් හිමි : අමල් ලියනාරච්චි මහතා, එම්. ගුණරත්න මහතා, මානෙල් පෙරේරා මිය. ගිණුම් අංකය : 78180871
2) සම්පත් බැංකුව : රාජගිරිය ශාඛාව
ගිණුම් හිමි : ගරු පිටිගල ගුණරතන හිමි, මානෙල් පෙරේරා මිය. ගිණුම් අංකය : 112253588169
ඔබ ලබා දෙන සියලුම දායකත්වයන් සඳහා අප ධර්මායතනය මගින් ලදු පතක් (රිසිට් පතක්) ලබා ගැනීමට කාරුණික වන ලෙස මෙත් සිතින් ඉල්ලා සිටිමි.